රුසියාවේ මොස්කව් නගරයට නව කොරෝනා වෛරස ප්‍රභේදයක් ඇතුළු වී ඇති බවත්, එය වඩාත් ආක්‍රමණශීලී හා වේගයෙන් බෝවන රෝගයක් නිසා නගරයේ තත්ත්වය වේගයෙන් පිරිහෙමින් පවතින බව එහි නගරාධිපතිවරයා අනතුරු අඟවයි.
රුසියානු අගනගරය විසින් ඉරිදා නව ආසාදිතයන් 7,704ක් වාර්තා කර ඇති අතර, එය දෙසැම්බර් 24දා සිට එක් දිනක් තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙස සටහන් වෙයි.
නගරාධිපති සර්ජි සොබියානින් පැවසුවේ අද (18දා) දිනය වනවිට දෛනික ආසාදිතයන් ප්‍රමාණය 9,000කට වඩා වැඩි වනු ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දා සිට මොස්කව්හි වාර්තා වූ වැඩිම අගය වනු ඇති බවයි.
මෙම ජුනි මසය ආරම්භය වන තුරු, මොස්කව් හි නව දෛනික ආසාදන බොහෝ විට 3,000කට වඩා අඩු විය.
"නව විකෘතියක් පැමිණ තිබෙනවා. නව ප්‍රභේදය අතිශයින් ක්‍රියාකාරී එකක්. එය වඩාත් ආක්‍රමණශීලීයි. එයින් යථාතත්ත්වයට පත්වීම දුෂ්කරයි. එය වේගයෙන් පැතිරෙනවා. එය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනිවිද යාමට බොහෝ දුරට ඉඩ තිබෙනවා" සොබියානින් වැඩිදුරටත් පැවසීය.
රුසියානු මහජන සෞඛ්‍ය නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා කියා සිටියේ ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයට හේතු වූ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව රට පුරා සැලකිය යුතු ලෙස ඉහළ යන බවයි.