බන්ධනාගාරගතව සිටි පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ දියණිය මාරියෑම් නිදහස් කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.
දූෂණ චෝදනා මත මීට මාස දෙකකට පමණ පෙර වසර 10ක සිර දඬුවමකට නියම වූ හිටපු නායකයා සහ ඔහුගේ දියණිය මෙසේ නිදහස් කර ඇත්තේ රට තුළ මහ මැතිවරණය පවත්වා සති කිහිපයකට පසුවය.
තමන් කිසිදු වරදක් සිදු නොකළ බවට හිටපු අගමැති සහ දියණිය ගොනුකළ ඇපෑලට අනුව ඔවුන්ට නිදහස හිමිව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ බිරිඳ කුල්සූම් නවාස් පිළිකා රෝගී තත්ත්වයකින් ලන්ඩනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සතියේ අභාවප්‍රාප්ත විය.
එහිදී, අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා පමණක් ෂෙරීෆ් සහ දියණියට අවස්ථාව ලබාදුන්නද, පසුව යළිත් ඔවුන් බන්ධනාගාරගත කරනු ලැබිණි.
ඒ අනුව, අධිකරණයේ නියෝගයට අනුව අද හෝ හෙට දිනයේ හිටපු අගමැතිවරයා සහ දියණිය නිදහස් කෙරෙනු ඇත.