මාස හයක පොදු සමාවක් තුළ ගිනිඅවි 56,000කට වැඩි ප්‍රමාණයක් නවසීලන්තයේ බලධාරීන් වෙත ජනතාව විසින් භාර දී ඇතැයි පොලීසිය පවසයි.
ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකකදී පුද්ගලයින් 51 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන් අර්ධ ස්වයංක්‍රීය ආයුධ තහනම් කිරීමත් සමඟ ඒවා යළි භාරදීමේ පොදු සමා කාලයක් නියම කළේය.
මාර්තු 15දා සිදුවූ වෙඩි තැබීමෙන් සති කිහිපයකට පසු මෙම තහනම පාර්ලිමේන්තුව විසින් කරළියට රැගෙන ආවේය.
සුදු ජාතිකවාදියෙකු ලෙස පෙනී සිටි ඔස්ට්‍රේලියාවේ බ්‍රෙන්ටන් ටැරන්ට් වෙත එම ප්‍රහාරයට චෝදනා එල්ල වී ඇති අතර ලබන වසරේ නඩු විභාගයකට ඔහු මුහුණ දෙනු ඇත.
මේ අතර පොදු සමා කාලය තුළ නැවත භාරදෙන ලද ගිනිඅවිවලට ඒවායේ මුල් වටිනාකමින් 95%ක් දක්වා වන්දි ගෙවා තිබේ.