නවසීලන්ත අගමැතිනිය සිය දිගුකාලීන සහකරුවා වූ රූපවාහිනී නිවේදක සමග විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
අගමැතිනී ජෙසින්ඩා ආර්ඩේන් පසුගිය වසරේ ක්ලාර්ක් ගෙයිෆෝඩ්ට දාව දරුවෙකුද ප්‍රසුත කළත්, ඇය ඔහු සමග මේ දක්වා නීත්‍යනුකූලව විවාහ වී නොසිටි බව කියැවෙයි.
අද (03දා) පැවති උත්සවයකදී අගමැතිනිය සිය වමතේ දියමන්ති මුදුවක් පැළඳ සිටීම සමග මෙය තහවුරු කරගැනීමට මාධ්‍ය කටයුතු කර ඇති අතර, ඔවුන් අගමැති කාර්යාලයෙන් ඒ පිළිබඳ විමසීමක්ද කර තිබේ.
එහිදී, අගමැති කාර්යාලය එම පුවත තහවුරු කර ඇත්තේ පසුගිය පාස්කු දිනයේදී ඔවුන් විවාහ ගිවිසගත් බව පවසමිනි.
නවසීලන්ත අගමැතිනිය සිය ධුරයේ සිටියදීම දරුවෙකු ප්‍රසූත කළ ලොව දෙවැනි රාජ්‍ය නායිකාව වන අතර, මීට පෙර පාකිස්තානයේ බෙනාසීර් භූතෝ ධුර කාලය තුළ දරුවෙකු බිහිකර තිබුණි.