නවසීලන්තය තුළ පවතින නිවාස මිලදී ගැනීමේ අවස්ථාව විදේශිකයන්ට තමනම් කරමින් රටේ නිවාස රටේ ජනතාවට පහසු මිලට ලබාගැනීමට හැකි වැඩපිළිවෙළක් එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ.
මෙම තහනම නවසීලන්තයේ පදිංචියක් නොමැති විදේශිකයන්ට පමණක් වලංගු වෙයි. එමෙන්ම, නවසීලන්තය සමග පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ඔස්ට්‍රේලියානුවන් සහ සිංගප්පූරු වැසියන්ටද මෙය වංලගු නොවේ.
නවසීලන්තය තුළ විදේශිකයන් බහුල වශයෙන් නිවාස මිලදී ගැනීමට පෙළඹීම හේතුවෙන් එරට නිවාස මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය තුළ නවසීලන්ත වැසියන්ට දැරීමට නොහැකි තත්ත්වයකට නිවාස මිල ගණන් ඉහළ යෑමෙන් රජය මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම, ආසන්න වසර කිහිපය ඉතා අවම පොලී අනුපාත, සීමිත නිවාස ප්‍රමාණයක් මෙන්ම සංක්‍රමණිකයන් වැඩිවීම ආදී හේතු රැසක්ද මීට බලපා තිබේ.