නවසීලන්තය තුළ සියලුම ආකාරයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි සහ රයිෆල් භාවිතය තහනම් කරනු ඇති බව අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් පවසයි.
ඔස්ට්‍රේලියානු ජාතික වෙඩිකරුවෙකු විසින් එරට මුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කරමින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් පුද්ගලයන් 50ක් මියයෑමේ සිද්ධියෙන් සතියක් ඉක්මයෑමට පෙර මෙම නිවේදනය අගමැතිනිය විසින් සිදුකරන ලදී.
මෙම නීතිය එලැඹෙන අප්‍රේල් 11 වැනිදා සිට බලාත්මක කෙරෙනු ඇති බව පැවසූ අගමැතිනිය, නවසීලන්ත ඉතිහාසය සදහටම වෙනස්වූ බවත්, දැන් එරට නීතිද වෙනස් කළ යුතු බවත් සඳහන් කර තිබේ.
ප්‍රහාරයෙන් මියගිය සෑම අයෙකුම මේ වනවිට නිල වශයෙන් හඳුනාගෙන ඇති බව නවසීලන්ත පොලීසිය කියයි.
ඒ අනුව, මේ වනවිට අත්අඩංගුවේ පසුවන ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් වෙත මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, ඔහුට තවදුරටත් චෝදනා එල්ල වනු ඇති බව සඳහන් වෙයි.