නවසීලන්තයේ තස්මන් ග්ලැසියරයේ විශාල කොටසක් කඩා වැටීමෙන් ඒ ආසන්නයේ වූ විලක් හරස්වී තිබේ.
අඔරාකි ජාතික උද්‍යානයේ පිහිටි මෙම ගැල්සියරයෙන් විශාල කොටසක් මෙසේ කඩා වැටී ඇති බවත්, මේ හේතුවෙන් විලෙන් කාලක පමණ කොටසක් අයිස් තට්ටු විසින් වැසී ඇති බවත් කියැවෙයි.
මෙම විල වර්ෂ 1970 සිට ක්‍රමයෙන් බිහිවෙමින් පැවතියේ මෙම ග්ලැසියරය දියවීම ආරම්භ වීමත් සමගිනි.
ගෝලීය උෂ්ණත්වය ක්‍රමයෙන් වර්ධනය වීම ග්ලැසියරය දියවීම සඳහා හේතු වූ බව පරිසරවේදීහු පෙන්වා දෙති.