නවසීලන්තයේ දකුණුදිග දූපතේ ඇති වූ ලැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් දහස් ගණන් ජනයා ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට සිදුව තිබේ.
මීට දින 6කට පමණ පෙර නෙල්සන් නගරය ආසන්නයෙන් ආරම්භ වූ මෙම ලැව්ගිනි තත්ත්වය මේ වනවිට වේක්ෆීල්ඩ් නගරය දක්වා පැතිරී ඇති බව කියැවෙයි.
ටස්මන් දිස්ත්රික්කයේ ජනතාව 3,000ක් පමණ තම නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව බලධාරීහු පවසති.
දැඩි සුළං තත්ත්වය තවදුරටත් පවතින නිසා ලැව්ගිනි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.
වසර 50ක ඉතිහාසය තුළ නවසීලන්තයට බලපෑ දරුණුතම ලැව්ගිනි තත්ත්වයක් ලෙස මෙය සැලකෙයි.