නෝර්වේ මුස්ලිම් පල්ලියක සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම ත්රස්ත ක්රියාවක් ලෙස සලකා වහාම පරීක්ෂණ ආරම්භ කළ බව එරට පොලීසිය පවසයි.
අල් නූර් ඉස්ලාමීය පල්ලිය වෙත ඇතුළු වූ තුවක්කුකරුවෙක් විසින් විවෘත වෙඩි තැබීමක් සිදුකර තිබුණු අතර, මෙය ඔස්ලෝ නුවර ආසන්නයේ වූ පල්ලියකි.
එහිදී, පල්ලියේ සිටි අයෙකු තුවක්කුකරු මෙල්ල කිරීම නිසා සිදුවීමට ගිය විනාශයක් වළක්වා ගැනීමට හැකිවී ඇති අතර, ඔහු සුළු තුවාල ලබා තිබේ.
මේ අතර, අත්අඩංගුවට පත් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කාන්තාවක ඝාතනයට ලක්කර තිබූ අතර, ඇය මෙම සැකකරුගේ ඥාතියෙකු බව කියයි.
සැකකරු නෝර්වේ ජාතිකයෙකු බවත්, ඔහුගේ පෙර දත්තවලට අනුව ඔහුට විරුද්ධව අපරාධ චෝදනා කිසිවක් නොමැති බවත් පොලීසිය කියයි.
ඔහු අන්ත දක්ෂිණාංශික හෝ සංක්රමණ විරෝධී අදහස් දරන්නෙකු යැයි විශ්වාස කළ හැකි බව පවසන පොලීසිය, ඔහු මෙම ප්රහාරය තනිව මෙහෙයවා ඇති බවද කියයි.