නිරිතදිග චීනයේ යිබින් සහ සිචුවාන් යන පළාත්වල සිදුවූ ප්‍රබල භූ කම්පනයක් හෙතුවෙන් මේ වනවිට පුද්ගල ජීවිත 11ක් අහිමිව තවත් 122කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
චීනයේ භූ කම්පන ජාල මධ්‍යස්ථානයට අනුව මෙය රික්ටර් පරිමාණ 6.0ක භූ කම්පනයක් වන අතර, භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළෙව මට්ටමේ සිට කිලෝමීටර් 16ක් ගැඹුරින් වාර්තා වී තිබේ.
භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටි ප්‍රදේශය ආසන්නයේ වූ රෝහලක් කඩා වැටී ඇති අතර, එහි කොපමණ පිරිසක් අපදාවට ලක්ව ඇතිදැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව ෂිංහුවා පුවත් සේවය පවසයි.
චීන මාධ්‍ය වාර්තා කරන ආකාරයට මුදාගැනීමේ කණ්ඩායම් විසින් සුන්බුන් අතර සිරවී සිටි පිරිස් ගලවා ගන්නා ආකාරය දැකිය හැකි අතර, බොහෝ දේපොළ වෙත හානි වී ඇති ආකාරයද දිස්වෙයි.
මියගිය අයගෙන් පුද්ගලයන් 8 දෙනෙකු චැන්ගින්ග් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, ඉතිරි තිදෙනා කුයිෂියෑන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
යිබින් නගරසභාව කියා සිටියේ ඔවුන් ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබූ මළ සිරුරු 6ක් ඉවතට ගත් අතර, ඒ අතර සිරවී සිටි තවත් පුද්ගලයන් 7 දෙනෙකු ගලවා ගත් බවත්ය.
කෙසේ වෙතත්, මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවද බලධාරීහු සැක පහළ කරති.