2015 වසරේදී ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කරමින් තම යුරේනියම් නිෂ්පාදනය වැඩිකිරීමට පියවර ගත් බව ඉරානය පවසයි.
ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අබ්බාස් අරාඛී පවසා සිටියේ, මෙම ගිවිසුම තවදුරත් ආරක්ෂා කරගැනීමට ඉරානයට අවශ්‍ය වුවත්, යුරෝපා රාජ්‍යයන් ඒ කෙරෙහි කැපවීමක් පෙන්නුම් නොකරන බවට චෝදනා කරයි.
මේ අතර, එක්සත් ජනපදය 2018 වසරේදී ඒකපාර්ශ්වීය ලෙස මෙම ගිවිසුමෙන් ඉවත්වූ අතර, එතැන් සිට ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක රැසක් පැනවීය.
ඒ අනුව, ඉරානය විසින් සිදුකළ මෙම දැනුම්දීම 2015 න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කළ නවතම අවස්ථාව වෙයි.
එහිදී, තම යුරේනියම් නිෂ්පාදන ඉහළ දමන බව පවසන ඉරානය, එය විදුලිබල උත්පාදනයට මෙන්ම, න්‍යෂ්ටික අවි නිපදවීම සඳහාද භාවිතයට ගත හැකි බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.