කෙන්යාවේ නයිරෝබි නගරයේ සුපිරි හෝටල් සංකීර්ණයක ත්‍රස්ත ප්‍රහාරයක් දියත් වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
වෙස්ට්ලෑන්ඩ් දිස්ත්‍රික්කයේ වූ DusitD2 හෝටල් සංකීර්ණය අසල බෝම්බ ප්‍රහාර ද්විත්යක් පුපුරාගොස්, වෙඩි තැබීම් සිදුවන බව සඳහන් වෙයි.
සෝමාලියාව කේන්ද්‍ර කරගත් අල්-ෂබාබ් ඉස්ලාමීය ජිහාඩ් ත්රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම මේ වනවිටත් භාරගෙන තිබුණත් එය තහවුරු කර නැත.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ ආයුද සන්නද්ධ පුද්ගලයන් සිව්දෙනෙකු මෙම හෝටල් සංකීර්ණය වෙත ඇතුළු වූ බවයි.
මෙම හෝටල් සංකීර්ණය තුළ DusitD2 හෝටලයට අමතරව, කාර්යාල පරිශ්‍රයක්ද පවතින බව විදෙස් වාර්තා පවසයි.