කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි ප්රාථමික පාසලක පන්ති කාමරයක් කඩා වැටීමෙන් ළමයින් හත් දෙනෙකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති.
ප්රියස් ටැලන්ට් ටොප් පාසලේ දැවයෙන් කළ කොටසක් පාසල ඇරඹීමෙන් මිනිත්තු කිහිපයකට පසුව කඩා වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුරින් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා නගරයේ රෝහල් ගත කර ඇති අතර, හදිසි සේවා කඩිනමින් ක්රියාත්මක වී තිබේ.
මේ අතර, විශාල පිරිසක් ඒ අසල රැස්ව සිටි නිසා ගලවා ගැනීමේ කණ්ඩායම්වලට පාසලට ඇතුළු වීමට අපහසු වී ඇති බවද වාර්තා වේ.
"මේ දක්වා මරණ 7ක් ඇති බවත්, තවත් 57 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් අපට තහවුරු කළ හැකියි" යනුවෙන් රජයේ ප්රකාශකයෙක් පවසා සිටියේය.
මෙම පාසලේ විදුහල්පතිවරයා පවසන්නේ අසල වූ මළ අපවහන පද්ධතියක නළයක ඉදිකිරීමක් බිඳ වැටීමෙන් එය පාසල් ගොඩනැගිල්ලේ සැකිල්ලටද බලපාන්නට ඇති බවයි.