ඔස්ට්‍රේලියානු කුඩා ගුවන් යානයක නියමුවා නින්දට වැටීම හේතුවෙන් එම යානය එහි ගමනාන්තය පසුකරමින් කිලෝමීටර් 50 ක් පමණ දුරකට ගමන් කර ඇති බව ගුවන් ආරක්ෂක නිලධාරීහු පවසති.
භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු යානයක නියමුවෙකු මෙම අකරතැබ්බයට ලක්ව ඇති අතර, එහි ගමන් කර ඇත්තේ මෙම නියමුවා පමණක් බවද කියැවෙයි.
මෙම යානය ඩෙවන්පොර්ට් සිට තස්මෙනියාවේ කිං දූපත දක්වා පියාසර කරමින් තිබියදී මෙම තත්ත්වයට මුහුණදී ඇත.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය කටයුතු කරමින් සිටියි.
අවසානයේදී නියමුවා අවදි වූයේ කෙසේදැයි යන්න පිළිබඳව නිලධාරීන් කිසිවක් පවසා නැතත්, යානය නිරුපද්‍රිතව ගොඩබස්සවා ඇති බව පමණක් සඳහන් කර ඇත.