IS ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම නයිජීරියාවේ කිතුනුවන් 11 දෙනෙකු හිස ගසා ඝාතනය කරන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
පසුගිය ඔක්තෝබර් මාසයේදී සිරියාවේ එක්සත් ජනපද වැටලීමකදී එහි නායක අබු බකර් අල් බග්දාඩිගේ මරණයට පළිගැනීමක් ලෙස මෙය සිදුකළ බව ත්‍රස්ත සංවිධානය පවසයි.
මෙසේ ඝාතනයට ලක්වූවන් ගැන කිසිදු විස්තරයක් ලබාදී නොමැති අතර ඔවුන් සියල්ලන්ම පිරිමි අය වන නමුත් IS පවසන්නේ ඔවුන් පසුගිය සති කිහිපය තුළ නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ දී අල්ලා ගත් බවයි.
තත්පර 56ක වීඩියෝ පටය නිෂ්පාදනය කර IS ත්‍රස්ත ජාලයේ මාධ්‍ය අංශය විසිනි.
එය දෙසැම්බර් 26 වැනි දින නිකුත් කර ඇති අතර විශ්ලේෂකයින් පවසන්නේ නත්තල් සැමරුමට සමගාමීව ඔවුන් මෙම ම්ලේච්ඡ ක්‍රියාව සිදුකර ඇති බවයි.