එබෝලා වෛරසය හා සමාන වෛරස් ප්‍රභේදයක් හේතුවෙන් රක්තපාත උණට ගොදුරු වූ නයිජීරියානු ජාතිකයන් 29 දෙනෙකු මේ මාසය තුළදී පමණක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලස්සා ලෙස හැඳින්වුණු මෙම වෛරසය ආසාදිතයන් 195 දෙනෙකු මේ වනවිට එරට ප්‍රාන්ත 11කින් සොයාගත් බව නයිජීරියානු වසංගත රෝග පාලන අධිකාරිය පවසයි.
එම වෛරස් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා නයිජීරියානු රජය මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන අතර, 1969 වසරේදී මුල් වරට එය හඳුනාගත් නයිජීරියානු නගරයේ නම ඊට යොදා ඇත.
මෙම මාරාන්තික වෛරස් උණ රෝගය සියෙරා ලියෝන්, ලයිබීරියා, ටෝගෝ සහ බෙනින් යන අප්‍රිකානු රාජ්‍යයන් හිදී පසුගිය 2016 වසරේදීද වාර්තා වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.