නයිජීරියාවේ උතුරු මැද ප්‍රාන්තයේ නයිජර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් පසුව ආයුද සන්නද්ධ කණ්ඩායමක් එක් නිවැසියෙකු ඝාතනය කර පාසලක සිසුන් විශාල පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
නයිජර් ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානී ආදම් උස්මාන් කියා සිටියේ නාඳුනන තුවක්කුකරුවන් ප්‍රාන්තයේ රාෆි පළාත් පාලන ප්‍රදේශයේ පිහිටි ටෙජිනාහි සාලිහු ටැන්කෝ ඉස්ලාමියා පාසලට පහරදීමෙන් පසුව මෙසේ ළමයින් පැහරගෙන ඇති බවය.
යතුරුපැදිවලින් තුවක්කුකරුවන් විශාල පිරිසක් මෙසේ නගරයට කඩා වැදී ඇති අතර, ඉවක් බවක් නොමැතිව සිදුකළ වෙඩි තැබීම්වලින් එක් සිවිල් වැසියෙකු මියගොස් ඇති බවද උස්මාන් පැවසී්‍ය.
කෙසේ වෙතත්, ප්‍රහාරය අතරතුර පැහැරගත් සිසුන් සංඛ්‍යාව නිශ්චිතව ලබාදීම ඔහු ප්‍රතික්ෂේප කළේය. නමුත් පාසලේ සිසුන් 200කට වැඩි පිරිසක් තුවක්කුකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
නයිජීරියාවේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් මෙන්ම, කප්පම් ලබාගැනීමේ අරමුණින් ආයුද සන්නද්ධ කණ්ඩායම්ද පසුගිය කාලය පුරා පාසල් සිසු සිසුවියන් පැහැරගැනීමේ සිදුවීම් සුලභ වූ අතර, එරට රජය මෙම තත්ත්වය පාලනය කරගැනීමට අපොහොසත් වී ඇති බවට චෝදනා නැගෙයි.