උතුරුදිග නයිජීරියාවේ, බේනූ පළාතේ ඉන්ධන ප්‍රවාහන කරන ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ලිස්සා යාමෙන් ඇති වූ පිපිරීම හා ගිනිගැනීම් නිසා පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
මාර්ගයේ වූ මඩ වළක් බේරීමට යාමේදී ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් එය පාරෙන් ඉවතට පැන ගිය බව සිද්ධීය ඇසින් දුටුවෝ පවසති.
මෙම අනතුරින් පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කරන්නේ එම ට්‍රක් රථය ගමන් කරමින් තිබූ බස් රථයකද ගැටී එයද මෙම ගින්නට මැදිවීම නිසාය.
ගිනි නිවන හමුදාව මැදිහත්ව ගින්න මැඬපවත්වන අවස්ථාවේදී පුද්ගල මළ සිරුරු 10ක් පමණ සොයාගැනීමට හැකිවී ඇති අතර, තවත් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් රෝහල්ගත කළ බව නයිජීරියානු මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.