නයිජීරියානු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම් සිදුවන අවස්ථාවේදී වත්මන් ජනපති මුහම්මදු බුහාරි දැනටමත් ඉදිරියට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
නයිජීරියාවේ ප්රාන්ත 36න් සැලකිය යුතු ප්රමාණයක් දැනටමත් ඔහු විසින් ජයග්රහණය කර ඇති බව වාර්තා වන අතර, ඔහු සමග තරග කළ අටිකු අබුබකර් වෙත මෙතෙක් දිනාගැනීමට හැකිවී ඇත්තේ ප්රාන්ත තුනක බලය පමණි. කෙසේ වෙතත් ඔහු දිනාගත් ප්රාන්ත අතර අබූජා අගනගරයද පැවතීම විශේෂත්වයකි.
මේ අතර, මැතිවරණ වංචා සහ දූෂණ සිදුව ඇති බවට විරුද්ධ පක්ෂ මේ වනවිටත් චෝදනා නගමින් සිටින අතර, මෙය කිසිසේත්ම පිළිගත නොහැකි ඡන්ද ප්රතිඵලයක් බවද පෙන්වා දෙයි.
නයිජීරියානු මැතිවරණය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අප්රිකානු සංගමය, යුරෝපා සංගමය සහ ඇමෙරිකාව අවධානය යොමුකර තිබුණත්, මැතිවරණය වෙනුවෙන් කිසිදු ස්වාධීන නිරීක්ෂකයෙකු සම්බන්ධව නොමැති බවද කියැවෙයි.