එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම ඉන්දීය සංචාරය ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දැවැන්ත මහජන රැලියක් අමතා තිබේ.
ඉන්දියාවේ සුප්‍රසිද්ධ ක්‍රීඩකයන්ගේ සිට බොලිවුඩ් තරු පිරිවරාගත් දැවැන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයක දහස් ගණනක් ජනයාට මැදිව ට්‍රම්ප් 'නමස්තේ' යැයි කියමින් අත්පොලසන් හඬ මැද සිය කතාව ආරම්භ කර ඇත.
මෝදිගේ උපන්ගම වන ගුජරාට් ප්‍රන්තයේ මොටේරා ක්‍රීඩාංගණයේදී මෙම දැවැන්ත රැලිය සංවිධානය කර තිබී ඇති අතර, ලොව විශාලතම ප්රජාතන්ත්රගවාදී රාජ්‍යයන් දෙක අතර ද්වීපාර්ශ්වික සබඳතා තරකර ගැනීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
"ඉන්දියාව සෑම විටම අපේ හදවතේ විශේෂිත ස්ථානයක රැඳී තිබෙනවා." යැයි පැවසූ ට්‍රම්ප්, මෝදි ගැන සඳහන් කරමින්, "හැමෝම ඔහුට ආදරය කරනවා. නමුත් ඔහු බොහොම තද පුරුෂයෙක් බව සඳහන් කළ යුතුයි. ඔහු ගුජරාටයේ ආඩම්බරය පමණක් නොවෙයි. ඔහු වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඉන්දියානුවන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි බවට ඔහු ජීවමාන සාක්ෂියක් වෙලා" වැඩිදුරටත් පවසා සිටියේය.