නොමේරූ දරු උපතක් සිදුව මාසයකින් බංග්ලාදේශ මවකට තවත් නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබුණු පුවතක් වාර්තා වෙයි.
අරීෆා සුල්තානා නමැති 20 හැවිරිදි මවට දාව පසුගිය පෙබරවාරි මාසයේදී නොමේරූ දරුවෙකු උපත ලැබීය.
කෙසේ වෙතත්, ඉන් මසකට පසුව මෙම මවගේ උදරයේ පැවති වේදනාවක් නිසා ඇය යළිත් වරක් රෝහල් ගත කර තිබුණි.
එහිදී, ඇයට තවත් දරු ගැබක් පවතින බව වෛද්‍යවරු හඳුනාගෙන ඇති අතර, ඔවුන් කඩිනමින් ඇයව සීසේරියන් සැත්කමකට භාජනය කර තිබේ.
එහිදී, මෙම බිරිඳට දාව තවත් නිවුන් දරු උපතක් සිදුව ඇති අතර, එම දරුවන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරු පවසති.
බංග්ලාදේශයේ ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වන මෙම තරුණ මව සිය පළමු දරුවා ප්‍රසූත කර තිබුණේ දිස්ත්‍රික් රෝහලකදීය.