නේපාලයේ කොවිඩ්-19 ආසාදිතයන් වේගයෙන් ඉහළ යමින් ඇති බැවින් වෛද්‍ය හා සෞඛ්‍ය සේවා හිඟය පියවා ගැනීම සඳහා අවම වශයෙන් වසරක්වත් වැඩ කිරීමට විශ්‍රාමික වෛද්‍යවරු හා සෞඛ්‍ය සේවකයන් යළි කැඳවීමක් සිදුකර තිබේ.
නේපාලයේ අග්‍රාමාත්‍ය ෂර්මා ඔලි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේ රට තුළ අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් දෛනිකව 7,388ක් වාර්තා කර ඇති බවත්, එය මෙතෙක් රට තුළ වාර්තා වූ ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව බවත් කියා සිටියේය.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා විසින් ඔක්සිජන් අපනයනය කිරීම තහනම් කරන බවද ප්‍රකාශ කළ අතර, පෞද්ගලික රෝහල් සහ සායන මෙන්ම තවත් රජයේ රෝහල් විශේෂිත කොවිඩ්-19 රෝහල් බවට පත් කරන බවත්, ක්‍රීඩාංගණ සහ පාසල් වැනි පොදු ස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත කරන බවත් පැවසීය.