ලොව වඩාත් අනතුරුදායක ගුවන් තොටුපොළ ලෙස සැලකෙන නේපාලයේ ලුක්ලා ගුවන් තොටුපළේදී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එවරසට් කලාපයට පිවිසෙන්නන් වැඩි පිරිසක් ගොඩබසින ලුක්ලා ගුවන් තොටුපොළේදී මෙම අනතුර සිදුව ඇත්තේ, යානය ධාවන පථයෙන් ඉවතට පැන අසල නවතා තිබූ හෙලිකොප්ටර් යානයක ගැටීමෙනි.
මෙම ගුවන් තොටුපොළෙහි කෙටි ධාවන පථයක් ඇති අතර, එය කඳුවලින් වටවී ඇති නිසා ගුවන් යානා පියාසර කරවීම මෙන්ම ගොඩබැස්වීමද අතිශය දුෂ්කර බව සඳහන් වෙයි.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙම යානය පැදවූ නියමුවා සහ හෙලිකොප්ටර් යානය අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එම අවස්ථාවේ කාලගුණයද යහපත්ව පැවති බව බලධාරීහු පවසති.