දේව අපහාසයක් කළේ යැයි කියන චෝදනාවට වරදකරු වී වසර ගණනාවක් මරණීය දණ්ඩනය නියම වී සිටි පාකිස්තාන ක්‍රිස්තියානි කාන්තාව වන ඒෂියා බිබි පවසන්නේ තමන් නිදහස් වනු ඇතැයි තමා සැමවිටම විශ්වාස කළ බවයි.
දැන් කැනඩාවේ වෙසෙන ඇය පැවසුවේ තමාට කවදා හෝ නැවත පාකිස්තානයට පැමිණීමට හැකි වේවි යැයි බලාපොරොත්තුවක් පවතින බවය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සිරගෙදර ගත කළ කාලය සහ ආරක්ෂකයින් විසින් ඇයට අමානුෂික ලෙස සැලකීම විස්තර කර තිබේ.
ඉතාමත්ම කනගාටුදායක සිදුවීම් ලෙස, ඇගේ බෙල්ල වටා යතුරකින් තද කළ කර පටියක් දමා සිදුවීමත්, ආරක්ෂකයන් විසින් දම්වැලකින් ඇදගෙන ගිය ආකාරයත් ඇය සිහිපත් කරයි.
පාකිස්තාන බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත්තේ ඇය කියන ආකාරයේ වධහිංසා පැමිණවීම් පිළිගත නොහැකි බවයි.