නෙදර්ලන්තයේ, යූට්රෙක්ට් නගරයේ ට්රෑම් රථයක් තුළ සිදුවූ විවෘත වෙඩි තැබීමකින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධියෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
එරට වේලාවෙන් පෙ.ව.10.45ට පමණ, නගරයේ බටහිර කලාපයේ පිහිටි ට්රෑම් රථ නැවතුම් පොළක් ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මේ වනවිට ආරක්ෂක අංශ එම ප්රදේශය වටකරමින් සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කරමින් සිටියි.
මේ අතර, වෙඩික්කරු මෝටර් රථයක නැගී පළාගොස් ඇති බව පොලීසිය විශ්වාස කරයි. කෙසේ වෙතත්, මෙම ප්රහාරයේ ත්රස්ත අරමුණක් තිබුණේ දැයි යන්න පිළිබඳවද පරීක්ෂණ අරඹා ඇති අතර, හෙලිකොප්ටර් යානා තුනක් එම ස්ථානයට යැවූ බව බලධාරීහු පවසති.
මෙම වෙඩි තැබීමෙන් පසුව රජය හදිසි සාකච්ඡාවක් කැඳවූ බව නෙදර්ලන්ත අග්රාමාත්ය මාර්ක් රුටේ සඳහන් කර තිබේ.