නත්තල් සමයේදී නත්තල් සීයලා ලෙස සැරසෙන පුද්ගලයන් සඳහා කරන උපකාරයක් වශයෙන්, ඔවුන්ට කලින්ම නව කොරෝනා එන්නතක් ලබාදීමේ වැඩසටහනක් යළි ආපසු හැරවීමට එක්සත් ජනපදය කටයුතු කර තිබේ.
මෙම එන්නත නත්තල් ආච්චිලාට මෙන්ම, එල්ෆ්වරුන් සේ සැරසෙන අයටද ලබාදීමට කලින් සැලසුම් කර තිබී ඇත.
කොවිඩ්-19 සඳහා යම් එන්නතක් සහතික කළ වහාම එවැනි එන්නතක් මුලින්ම මෙම පුද්ගලයන් වෙත ලබාදීම සඳහා වූ රජයේ සහයෝගීතාවක් මේ සඳහා මුල් වූ බව කියවුණද, සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ මේ පිළිබඳ වූ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු අවලංගු කිරීමට දැන් කටයුතු කර ඇති බවය.
කෙසේ වෙතත් මෙය සුවහසක් නත්තල් සීයලාගේ බලාපොරොත්තු සුන්කළ අවස්ථාවක් බව එම සංගමයේ සභාපති රික් අර්වින් පවසයි.
"මෙය 2020 නත්තල් සමය සඳහා අපගේ ලොකුම බලාපොරොත්තුව වුණා. දැන් එය සිදු නොවන බව පෙනෙනවා" හෙතෙම පැවසීය.
එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ සෞඛ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් මෙම අවලංගු කර ඇති සැලැස්ම පිළිබඳව දැනුවත්භාවයකින් නොසිටින බවය.
කෙසේ වෙතත් සැප්තැම්බර් මැද භාගය වනවිට සෞඛ්‍ය ඒජන්සියේ නිලධාරීන් මෙම සැලසුම අවසන් කිරීමට පොරොන්දු වී සිටි බවත්, නත්තල් සීයලා 100කට ආසන්න සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටි බවත් අර්වින් පවසා සිටියේය.