ඇමෙරිකානු සෙනට් මණ්ඩලය විසින් ජනපති ට්රම්ප් ගෙනා අතුරු අයවැය යෝජනාවක් සම්මත නොකිරීම නිසා එරට රජයේ කටයුතුවලින් අඩක් තාක්ෂණික වශයෙන් අක්රීය තත්ත්වයට පත්ව තිබේ.
ඩොනල්ඩ් ට්රම්ප් ඇමෙරිකානු ජනපති ධුරයට පත්වීමෙන් පසුව මෙවැනි අවස්ථාවකට මුහුණදෙන දෙවැනි අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
එරට සෙනට් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයෙන්ම හිමිවිය යුතු මෙම අතුරු අයවැය සඳහා විසඳුමක් ලැබීම ලබන බ්රහස්පතින්දා දක්වා ඇදෙන බැවින්, නත්තල් සමයේද ඇමෙරිකානු රජය තාක්ෂණික වශයෙන් අක්රීයව පවතිනු ඇතැයි විදෙස් වාර්තා පවසයි.
මේ අතර, නිවාඩු සමයේ ෆ්ලොරීඩා හි ගත කිරීමට සැලසුම් කර සිටි ජනපති ට්රම්ප්, මෙම අර්බුදයත් සමග වොෂිංටනයේම දිගටම රැඳී සිටිනු ඇති බවද කියයි.
මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීම සඳහා වූ ඇ.ඩො.බිලියන 5ක වියදම් ජනපතිවරයා ඉල්ලා සිටීමත් සමග සිකුරාදා දිනයේ සිට මෙම අර්බුදය හටගෙන ඇත.