එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ වැඩබලන කාර්ය මණ්ඩල ප්‍රධානී මික් මුල්වානි වෙනුවට නව පත්කිරීමක් සිදුකිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
ජනාධිපතිවරයා කියා සිටියේ උතුරු කැරොලිනා හි නීති සම්පාදක මාක් මෙඩෝස් මෙම ධුරය භාර ගන්නා බවත්, මෙම වෙනස සති ගණනාවක් පුරා අපේක්ෂා කරන ලද්දක් බවත්වය.
ඒ අනුව මික් මුල්වානි උතුරු අයර්ලන්තයේ එක්සත් ජනපද විශේෂ නියෝජිතයා බවට පත්වන බවද ට්‍රම්ප් කියා සිටියේය.
පසුගිය වසරේ දෝෂාභියෝග විමර්ශනය සම්බන්ධයෙන් ධවල මන්දිර මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකින් මුල්වානි සම්බන්ධයෙන් ට්‍රම්ප් කෝප ගැන්වූ සිදුවීමක් විය.
කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩභාර ගැනීමෙන් පසුව මේ ආකාරයට ඉවත් කෙරුණු ප්‍රථම නිලධාරියා මුල්වානි නොවන අතර, ඔහු මේ වනවිට සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් රැසක් ඉවත් කරමින් නව පත්වීම් සිදුකර තිබේ.