උත්තරධ්රැවයේ සිට හමන ධ්‍රැවීය ශීත සුළං හෙවත් polar vortex තත්ත්වයක් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති වී තිබෙන දැඩි සීත කාලගුණික තත්ත්වය බොහෝ නගරවල ජනජීවිතය අඩාල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම දැඩි සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් එරට ප්‍රාන්ත කිහිපයක මේ වනවිට ජීවිත 7ක් පමණ අහිමි වී ඇති බවද සඳහන් වෙයි.
චිකාගෝ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30ක් දක්වා පහත බැස ඇති අතර, නෝත් ඩකෝටා උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 37ක් දක්වා පහත බැස ඇති බව කාලගුණික අංශ පවසයි.
මෙම අසාමාන්‍ය දැඩි සීත කාලගුණික තත්ත්වය ඇමෙරිකානුවන් මිලියන 250කට පමණ බලපා ඇති අතර, ඉන් මිලියන 90කට වැඩි පිරිසක් සෙල්සියස් අංශක සෘණ 17කට වඩා අඩු දැඩි සීත තත්ත්වයකින් පීඩා විඳින බව වාර්තා වෙයි.
මේ අතර, ඇමෙරිකාවේ තුනෙන් දෙකක ප්‍රදේශයක් මේ වන විටත් හිමෙන් වැසි ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල අඟල් 15ක් පමණ හිම තට්ටුවලින් වැසී ඇත.
එමෙන්ම, පවතින මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල වාහන ධාවනයෙන් සහ එළිමහනේ සිටීමෙන් වළකින ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.
මීට අමතරව, ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති අතර, පාසල් සහ කාර්යාල වසා දැමීමටද බලධාරීන් තීරණය කර තිබේ.