IS ඉස්ලාම් රාජ්‍යයේ බිඳ වැටීමත් සමග අල්ලා ගැනුණු දහස් ගණනක් වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවක් පවතින බව උතුරුදිග සිරියාවේ කුර්දි සටන්කාමීන් ප්රමුඛ පාලනය කියා සිටියි.
එහි නිලධාරියෙකු වූ අබ්දුල් කරීම් ඕමාර් කියා සිටියේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට ඉතිරිව තිබූ අවසන් බාගූස් නගරයේදී අල්ලා ගැනුණු දහස් ගණන් ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමේ දැඩි අර්බුදයකට ඔවුන් ලක්ව ඇති බවයි.
කුර්දි සටන්කාමීන් ප්රමුඛ සිරියානු ප්රජාතාන්ත්රවාදී බලකාය විසින් පසුගිය සතියේදී ඉස්ලාම් රාජ්‍යයට ඉතිරිව තිබූ අවසන් නගරයේ බලයද අල්ලා ගනු ලැබිණි.
මෙසේ නගරය අත්පත් කරගැනීමත් සමග අත්අඩංගුවට ගැනුණු ත්‍රස්ත සැකකරුවන් අතර විදේශීය ත්‍රස්ත සැකකරුවන්ද 1,000කට ආසන්න ප්‍රමාණයක් කඳවුරුවල රඳවා සිටින බව කියැවෙයි.