කුඩා දරුවන් 23 දෙනෙකුට විෂ ශරීරගත කළේ යැයි චෝදනා මත මධ්‍යම චීනයේ පෙර පාසලක ගුරුවරියක සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙනාන් පළාතේ, ජියාසෝ නගරයේ පෙර පාසලක දරුවන් වෙනුවෙන් ලබාදුන් උදෑසන ආහාරවේල විෂ වීමෙන් එම දරුවන් රෝහල්ගත කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී දරුවන්ට ලබාදුන් ආහාරවල ඉතා ඉහළ රසායනික සාන්ද්‍රණයක් තිබී හමුව ඇත.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවන බව පවසන පොලීසිය සඳහන් කරන්නේ, එය හිතාමතා දරුවන්ට විෂ ලබාදීමක්ද යන්න තහවුරු වී නොමැති බවයි.