දැඩි ගංවතුර තර්ජනයකට ලක්ව තිබූ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ගංවතුර බැස යෑමෙන් පසු පුද්ගලයන් 11 දෙනෙකු මී උණ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.
ඒ අනුව, මෙම වසංගත තත්ත්වය පාලනය සඳහා ගංවතුර ස්පර්ශ වූ සියලු දෙනා ආරක්ෂක පියවරක් ලෙස අවශ්‍ය ඖෂධ ලබාගන්නා ලෙස රජය ඉල්ලීමක් කර තිබේ.
එහිදී, ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසා සිටියේ මේ වනවිට එය දැඩි වසංගත තත්ත්වයක් නොවන නමුත්, තත්ත්වය පාලනය කළ හැකි මට්ටමක පවතින බවය.
දශක කිහිපයක ඉතිහාසයේ පසුගිය ජූනි මාසයේ සිට කේරළයට බලපෑ දැඩි වර්ෂාපතනයත් සමග ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
එමෙන්ම, තවත් මිලියනයකට ආසන්න පිරිසකට මේ අයහපත් කාලගුණය නිසා උන්හිටි තැන් අහිමි වූ අතර, ඔවුන් බොහෝ දෙනෙකු තවමත් තාවකාලික කඳවුරුවල දිවි ගෙවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.