දකුණු අප්‍රිකාවේදී තම මවුපියන් හා භාරකරුවන් අහිමි තරුණ තරුණියන්ට සසෙක්ස්හි ආදිපාදවරිය පවසා ඇත්තේ තමන්ද ඔවුන් මෙන්ම වර්ණයෙන් එක සමාන ඔවුන්ගේ සහෝදරියක් බවයි.
මේගන් කුමරිය සිය සැමියා වන හැරී කුමරු සමග නයංගා නගරයේ කාන්තා හා ළමා මධ්‍යස්ථානයකට යමින් සිටියදී මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.
මාස හතරක පුතු ආචී සමග මෙම යුවළගේ පළමු නිල විදේශ සංචාරයද මෙයයි.
ඉහළ අපරාධ අනුපාතයක් පවතින ප්‍රදේශයක පිහිටි මෙම මධ්‍යස්ථානයේදී ආදිපාදවරිය කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි හිංසනය මැඩපැවැත්වීම සඳහා කරන ලද සේවය පැසසුමට ලක්කර ඇත.
"මම ඔබ සමඟ මවක් ලෙස, බිරිඳක් ලෙස, කාන්තාවක් ලෙස, එකම වර්ණයේ ගැහැණියක් ලෙස සහ ඔබේ සහෝදරිය ලෙස මෙහි සිටිමි."
දකුණු අප්‍රිකාවේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩක්‍රියා ඉහළ යමින් පවතින වකවානුවක ඇගේ මෙම සංචාරය සිදුවන අතර, පසුගිය වසරේදී රට තුළ පිරිමින් විසින් කාන්තාවන් 2,700ක් සහ ළමයින් 1,000ක් ඝාතනය කර ඇති අතර, අවම වශයෙන් ස්ත්‍රී දූෂණ 100ක් දිනපතා වාර්තා වෙයි.