බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් බෝයිං 737 මැක්ස් යානා එරට ගුවන් සීමාව තුළ ගමන් කිරීම තාවකාලිකව නවත්වා තිබේ.
ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ යානයක් පසුගියදා අනතුරට ලක්ව පුද්ගලයන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමග මෙම තීරණයට පැමිණි නවතම රාජ්‍ය බවට බ්‍රිතාන්‍ය පත්ව ඇත.
මීට පෙර චීනය, ප්‍රංශය, ජර්මනිය මෙන්ම සිංගප්පූරුවද මෙම යානා තාවකාලිකව ගොඩබැස්වීමට තීරණය කර තිබුණි.
කෙසේ වෙතත්, බෝයිං සමාගමේ නිෂ්පාදන රාජ්‍ය වන ඇමෙරිකා එක්සත් ජනපදය තුළ තවදුරටත් බෝයිං 737 මැක්ස් යානා ගුවන්ගත කෙරෙන බව සඳහන් වෙයි.
මේ අතර, පසුගියදා කඩා වැටුණු ඉතියෝපියානු යානයේ කළු පෙට්ටි ආශ්රයෙන් යානයේ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවන බවද එරට ගුවන් සේවා බලධාරීහු පවසති.