තලේබාන් සංවිධානය සමග සිදුකරන සාම සාකච්ඡා අවලංගු කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා තිබුණේ ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි සහ තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුගේ හමුවක් අද (08දා) සංවිධානය වන බවකි.
කෙසේ වෙතත්, කාබුල් නගරයේ ප්‍රහාර කිහිපයක් එල්ල කරමින් තලේබාන් සංවිධානය ඇමෙරිකානු සොල්ලාදුවන් ඝාතනය කිරීමත් සමග කැප් ඩේවිඩ් හි සිදුකිරීමට ගිය හමුව අවංලගු කළ බව ට්‍රම්ප් කීය.
කටාර් රාජ්‍යයේ දෝහා නගරයේදී තලේබාන් සංවිධාන නියෝජිතයන් සහ එක්සත් ජනපද නියෝජිතයන් අතර සාම සාකච්ඡා වට 9ක් සිදුවිය.
මෙම සාම සාකච්ඡාවේ එක් පියවරක් ලෙස ඉදිරි සති 20ක කාලය තුළ එක්සත් ජනපද භටයන් 5,400ක් රටින් ඉවත් කරගැනීම සාකච්ඡා විය.
මේ වනවිට ඇමෙරිකානු සොල්දාදුවන් 14,000ක් පමණ ඇෆ්ගනිස්ථානය තුළ රඳවා සිටියි.