මෑතකදී තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නියෝජිතයන් සහ ඇමෙරිකානු නියෝජිතයන් අතර පැවති සාම සාකච්ඡාවලදී තලේබාන්වරුන්ගේ වියදම් පියවීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වී තිබේ.
කෙසේ වෙතත්, ඇමෙරිකානු පාර්ලිමේන්තු කමිටුව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. එහිදී, සාකච්ඡාවලට පැමිණි තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නියෝජිතයන්ගේ ඉඳුම් හිටුම්, ආහාර පාන සහ ප්‍රවාහන වියදම්වලට අවශ්‍ය මුදල් මෙසේ ට්‍රම්ප් පරිපාලනය ගෙවීමට සූදානම් වී ඇත.
ඇමෙරිකානු පාර්ලිමේන්තු කමිටුව පෙන්වා දී ඇත්තේ යම් ලෙසකින් මෙම මුදල් ඇමෙරිකානු රජයෙන් ගෙවීම ත්රස්තවාදයට සහාය දැක්වීමක් බවයි.
මෙම මුදල් ගෙවීම සඳහා ඉල්ලීමක් කළ බව පෙන්ටගනයද තහවුරු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
2018 ඔක්තෝබර් මාසයේ සිට එක්සත් ජනපද රජයේ නියෝජිතයන් සහ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නියෝජිතයන් අතර සාකච්චා වට 6ක් පැවති අතර, මේ සෑම සාකච්ඡාවක්ම කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා හිදී පැවැත්විණි.