තුර්කියේ ප්රාදේශීය මැතිවරණ සඳහා ජනතාව වඩාත් උනන්දුවෙන් ඡන්දය ප්රකාශ කරන බවත්, මෙය ජනවති රෙසෙප් ටයීප් එර්ඩෝගන් සම්බන්ධ ජනමත විචාරණයක් ලෙස ජනතාව සලකන බවත් විදෙස් වාර්තා පවසයි.
රට තුළ ආර්ථික වශයෙන් පසුබෑමක් පවතින අවස්ථාවේදී මෙම මැතිවරණ පැවැත්වෙන අතර, පාලක ඒ.කේ. පක්ෂයට අන්කාරා සහ ඉස්තාන්බුල් යන ප්රධාන නගරවල බලය අහිමිව යනු ඇති බවද විශ්වාස කෙරෙයි.
උද්ධමනය 20%ක අගයට පත්ව ඇති වටපිටාවක ආර්ථික වශයෙන් රට අගාධයට ගමන් කිරීම සම්බන්ධයෙන් වත්මන් පාලනයට දොස් නැගෙයි.
මෙවර මැතිවරණයේ නගරාධිපතිවරුන් සහ සභිකයන් පත්කර ගැනීම සඳහා මිලියන 57කට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් ලියාපදිංචිව සිටිති.