සිරියාවේ ඉඩ්ලිබ් වෙත එල්ල වූ තුර්කි ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් 19 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් රාජධානියේ නිරීක්ෂණ ආයතනයක් පෙන්වා දෙයි.
සිරියානු මානව හිමිකම් නිරීක්ෂණාගාරයට (SOHR) අනුව, වැඩිවන ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යයේ මෙම ප්රහාරයන් හමුදා කඳවුරක් ඉලක්ක කරගෙන එල්ල වී ඇත.
තුර්කිය ඉරිදා දිනයේ සිරියානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් වෙඩි තබා බිම දැමීමද සිදුව තිබුණේද ඉඩ්ලිබ් ප්‍රදේශයේදීය.
මේ තත්ත්වය තුළ සිරියානු රජයේ ප්‍රධාන හිතෛෂියෙකු වන රුසියාව, සිරියානු ගුවන් කලාපයේ තුර්කි ගුවන් යානාවල ආරක්ෂාව ඉදිරියේදී සහතික කළ නොහැකි බවට අනතුරු අඟවා තිබේ.
පසුගිය සතියේ අවම වශයෙන් තුර්කි සොල්දාදුවන් 33 දෙනෙකු ගුවන් ප්‍රහාරයකින් මිය යාමත් සමඟ ඉඩ්ලිබ්හි යුද ආතතීන් තියුණු ලෙස උත්සන්න විය.