තුර්කියේ නව කොරොන වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව අද (03දා) දිනයේ 25,000කට ආසන්න වූ අතර, මාස තුනකට ආසන්න කාලයක් තුළ වාර්තා වූ ඉහළම අගය මෙය බවත්, වෛරසයට එරෙහි එන්නත් ලබාගැනීමට යුහුසුළු වන ලෙසත් එරට සෞඛ්‍ය ඇමති තුර්කි ජාතිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
බලධාරීන් වසංගතය හා සම්බන්ධ සීමා ලිහිල් කිරීමෙන් පසු පැතිර ගිය තවත් වෛරස් රැල්ලකට එරෙහිව රට සටන් කරන බැවින් ජුනි 01දායින් පසු සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වන කොවිඩ් -19 මරණ සංඛ්‍යාවද එදින 126 දක්වා ඉහළ ගොස් තිබේ.
"අපි වසංගතයට එරෙහිව සටන් කිරීමේ නීතිරීති අනුගමනය කර එන්නත් ලබා ගන්නේ නම්, වසංගතය අවසන් කිරීමට අපට හැකි වෙනවා" සෞඛ්‍ය ඇමති ෆාරෙටින් කොකා දෛනික දත්ත සමග ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
තුර්කි වැඩිහිටියන්ගෙන් තුනෙන් දෙකක්ම අවම වශයෙන් එක් කොවිඩ්-19 එන්නතක් ලබාගෙන ඇති අතර, අඩකටත් වඩා අඩු ප්‍රමාණයකට මාත්‍රාවන් දෙකක් හෝ වැඩි ගණනක් ලැබී තිබේ.