මැයි මාසයේදී විවාහපත් තායිලන්තයේ මහා වජිරාලොන්ග්කෝන් රජු, එරට රාජකීය පරම්පරාවේ වර්ෂ 1921 න් පසුව නීත්‍යානුකූලව තවත් උප භාර්යාවක් සරණපාවා ගත් රජු බවට පත්ව තිබේ.
රජු සමග වසර කිහිපයක් පෙමින් වෙළී ඇති තැනැත්තියක බව කියන මේජර් ජෙනරාල් සිනීනට් වොන්ග්වජිරාපක්ඩි මෙලෙස රජුගේ රාජකීය උප භාර්යාව බවට පත්ව ඇති අතර, වෘත්තියෙන් ගුවන් නියමුවෙකු, පෞද්ගලික ආරක්ෂකයෙකු සහ හෙදියක බව කියයි.
පසුගිය ඉරිදා පැවති රාජකීය උත්සවයේදී රජු තම අලුත විවාහපත් නව රැජින සමග රාජකීය අසුන්වල රැඳී සිටිමින් පැවති උත්සවයේදී ඔහුගේ අතගත් නවතම උප භාර්යාව ඔවුන් ඉදිරියේ බිම දිගාවී රජු නීත්‍යානුකූලව සරණපාවා ගැනීමේ චාර්ත්‍ර සිදුව ඇති අතර, මෙය සජීව විකාශයක් ලෙස එරට තුළ ප්‍රචාරය කර තිබේ.
තායිලන්ත රාජකීය වෙබ් අඩවියට අලුතින්ම එකතු වූ මෙම නව උප භාර්යාවගේ ඡායාරූප කිහිපයක්ම සමග මෙම පුවත ලෝකය තුළ වඩාත් කතාබහට ලක්වූ අතර, ඇය ප්‍රහාරක ජෙට් යානාවක් තුළ රැඳී සිටින දසුනක් ඇතුළු තවත් ඡායාරූප කිහිපයක්ම මෙහි තිබී ඇත. මේ සමග එම වෙබ් අඩවිය වෙත පිවිසීමට දැඩි තදබදයක් ඇතිව තිබූ බවද සඳහන් වෙයි.
රජුගේ 67 වැනි උපන්දිනයට සමගාමීම මෙම විවාහයද සිදුව ඇති අතර, අලුත විවාහපත් උප භාර්යාව 34 වැනි වියෙහි පසුවෙයි. රජු සිය 41 හැවිරිදි වත්මන් රැජින සරණපාවා ගැනීමෙන් මාස දෙකකට පසුව මෙම දෙවැනි විවාහයද සිදුකර ගැනීමද විශේෂත්වයක් බව විදෙස් වර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, වජිරාලොන්ග්කෝන් රජු මීට පෙරද තෙවතාවක් විවාහ වී දරුවන් සිටින අයෙකු වන අතර, ඔහු ඒ සියලු කසාදයන්ගෙන් දික්කසාද වී ඇත. ශතවර්ෂයකට ආසන්න තායිලන්ත රාජකීයත්වයේ බිරින්ඳෑවන් එක් අයෙකුගෙන් සෑහීමකට පත්වූ රජවරු පමණක් රජකම් කළහ.