තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන්න් පසුගියදා පැවති මැතිරවණයෙන් පසු දෙවැනි වරටත් එරට තුළ බලය තහවුරු කරගැනීමට සමත්ව තිබේ.
ජනපතිනී ඉන්ග්-වෙන් මැතිවරණයෙන් 57%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ඇගේ ප්‍රතිවාදියා වූ හැන් කුඕ-යූට වඩා 8.2%ක ප්‍රතිශතයක් ඉදිරියෙන් සිටියි.
චීනය සමඟ සමීප සබඳතාවලට ඉන්ග්-වෙන් විරුද්ධ වන අතර, පරාජයට පත් හැන් යෝජනා කර තිබුණේ චීනය ආර්ථික ප්රතිලාභ ලබාදෙනු ඇති බවය.
සිය ජයග්‍රාහී දේශනය පවත්වමින් ජනපතිනී ඉන්ග්-වෙන් චීනය වෙත කියා සිටියේ බලහත්කාරයෙන් තම දූපත් රාජ්‍ය ආපසු ලබා ගැනීමේ තර්ජනය අත්හරින ලෙසයි.
"තායිවානය අපගේ නිදහස් ප්රජාතන්ත්රවාදී ජීවන රටාව කෙතරම් අගය කරනවාද යන්න සහ අපගේ ජාතිය කෙතරම් අගය කරනවාද යන්න ලොවට පෙන්වා තිබෙනවා." ඇය වැඩිදුරටත් පැවසුවාය.
1949 චීන සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු චීනය තායිවානය කෙරෙහි ස්වෛරීභාවය ඉල්ලා සිටි අතර, අවශ්‍ය නම් තායිවානය අවසානයේ චීනය සමඟ නැවත එක්විය යුතු බවද එහි සඳහන් වේ.