තායිවානය, චීනය සමග යළි අනිවාර්යයෙන්ම සිදුවිය යුතු එක්වීම පිළිගන්නා ලෙස එම වැසියන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ යැයි චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරයි.
දෙරට අතර දුර්වල තත්ත්වයෙන් ගොඩනැගෙමින් පවතින සබඳතාවල 40 වසර සැමරුම් දේශනය සිදුකරමින් චීන ජනපතිවරයා සාමකාමී එක්වීමක් අපේක්ෂා කරන අතර, එය එක් රටක්, පද්ධති දෙකක් යන තේමාවෙන් සිදුවිය යුතු බවද පවසයි.
කෙසේ වෙතත්, මේ වෙනුවෙන් යම් හොඳ ප්රතිචාරයක් නොලැබුණහොත් ඒ වෙනුවෙන් බලපෑමක් කිරීමේ හැකියාව චීනයට පවතින බවටද ජනපතිවරයා අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
චීනය කවරක් සඳහන් කළද, තායිවාන ජනපති සායි ඉන්ග්-වෙන් පවසන්නේ බීජිං පාලනයෙන් සිදුකරන කොන්දේසිවලට යටත්ව කිසිම ආකාරයක එක්වීමකට තායිවානය එකඟ නොවන බවයි.