තායිවානය තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා ජනමතය විමසමින් සෙනසුරාදා පැවති ජනමත විචාරණය පරාජයට පත්ව තිබේ.
ඒ අනුව, විවාහය කාන්තාවක හා පුරුෂයෙකු අතර විය යුතුය යන්න මෙම ජනමතවිචාරණයේදී ජයග්‍රහණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය වසරේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමලිංගික විවාහය නීතිගත කිරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා දුන්නත්, මේම ජනමත විචාරණය සමග එම නීතියෙහි බලය අඩුවන බව සඳහන් වෙයි.
මේ අතර, තායිවානයේ මධ්‍යවාර මැතිවරණයෙන් ජනපතිනී සායි ඉන්ග්-වෙන් නායකත්වය දැරූ පාලක පක්ෂය පරාජයට පත්වීමත් සමග ජනපතිනිය එම පක්ෂ නායකත්වයෙන් ඉවත්ව තිබේ.