තායිවානය අඟහරුවාදා නව කොවිඩ්-19 ආසාදිතයන් 245ක් වාර්තා කළ අතර, වසංගතය හොඳින්ම පාලනය කළ රටක් ලෙස වසංගතය ආරම්භයේ සිට මේ දක්වා දෛනිකව වාර්තා කළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවද මෙය බව කියයි.
රෝගීන් 245න් 240ක්ම දේශීයව සම්ප්‍රේෂණය කර ඇති අතර 5දෙනෙක් විදේශයන්ගෙන් පැමිණ ඇති බව දිවයිනේ මධ්‍යම වසංගත අණදෙන මධ්‍යස්ථානය අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. දේශීයව සම්ප්‍රේෂණය වන සිද්ධීන් සංකේන්ද්‍රණය වී ඇත්තේ තායිපේ අගනුවර වන අතර, බොහෝ ඒවා හොස්ටස් තේහවුස් හා ඒ අවට නිව් තායිපේ නගරය සමග සම්බන්ධ වී ඇති බව කියයි.
තායිවානයේ අඟහරුවාදා තවත් කොරෝනා වෛරසය ආශ්රිත මරණ දෙකක් වාර්තා වූ අතර සමස්ත මරණ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ නැංවීය.
කොවිඩ් -19 හැසිරවීම සම්බන්ධයෙන් සාර්ථක කතාවක් ලෙස පුළුල් ලෙස පැසසුමට ලක් වූ තායිවානය මේ වනවිටත් එහි විශාලතම ආසාදන පැතිරයාමට එරෙහිව සටන් කරයි.
ඊට ප්‍රතිචාර වශයෙන් තායිවාන බලධාරීන් නව සමාජ දුරස්ථ පියවරයන් පැනවීම, දිවයින පුරා බාර්, සමාජ ශාලා සහ ජිම් වසා දැමීම, තායිපේ සහ නිව් තායිපේ නගරයේ ගෘහස්ථ රැස්වීම් සීමා කිරීම මෙන්ම, තායිවානයේ සියලුම පාසල් බදාදා සිට දින 10කට වසා දැමීම යන පියවරයන් අඟහරුවාදා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
වසංගතයේ ආරම්භයේ සිට තායිවානයේ කොවිඩ්-19 ආසාදිතයන් 2,260ක් වාර්තා වී ඇති අතර, ඉන් 1,086ක් විදේශයන්ගෙන් පැමිණ ඇති අතර. 1,121ක් දේශීයව සම්ප්‍රේෂණය වී ඇත.