තායිලන්තයේ පාසල් දරුවන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සිරවී සිට දැවැන්ත මෙහෙයුමකින් බේරා ගැනුණු තාම් ලුආන්ග් ගුහා සංකීර්ණය යළිත් සංචාරකයන්ට විවෘත කර තිබේ.
එය විවෘත කරනු ලැබූ සිකුරාදා දිනයේදී පමණක් 2,000කට වැඩි සංචාරකයන් පිරිසක් ගුහාව නැරඹීම සඳහා පැමිණි බව සඳහන් වෙයි.
වයිල් බෝර් පාපන්දු කණ්ඩායමේ දරුවන් මෙම ගුහා සංකීර්ණයේ සිරවී සිටියදී ඔවුන් බේරාගැනීම සඳහා සිදුකළ දැවැන්ත මෙහෙයුම ලෝකයම මහත් ඕනෑකමකින් බලා සිටි සිදුවීමක් විය.
ඔවුන් එම ගුහාව තුළ දින 17ක කාලයක් සිරවී සිටියේ ගුහාව තුළට පිවිසි පසු ඇති වූ ගංවතුර තත්ත්වයෙන් ගුහා සංකීර්ණය ජලයෙන් යටිවීම නිසාය.
ඔවුන් බේරාගැනීමේ මෙහෙයුමට ලොව පුරා කිමිදුම්කරුවන් 90කට වැඩි පිරිසක් සම්බන්ධ වූ අතර, එහිදී එක් කිමිදුම්කරුවෙකුට සිය දිවියද අහිමි විය.