එක්සත් රාජධානියේ දත්තවල අනුව අඛණ්ඩව දෙවැනි දිනටත් නව කොවිඩ්-19 ආසාදිතයන් 7,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.
ඒ අනුව ගෙවුණු බ්‍රහස්පතින්දා දිනයේ ආසාදිතයන් 7,393ක් වාර්තා වී ඇති අතර, වෛරස් සම්බන්ධ මරණ 7ක් වාර්තා වී තිබේ.
මෙම සංඛ්‍යාලේඛන සසඳන විට බදාදා දිනයේද ආසාදිතයන් 7,540ක් හා මරණ 6ක් වාර්තා වී තිබුණේ, ගෙවුණු සතියේ දෛනික ආසාදිතයන් 5,000ක සීමාවක පැවතීමෙන් පසුවය.
ඒ අනුව මාස හතරක් තුළ වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාවක් බදාදා සටහන් වී ඇති පසුබිමක, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය වූ ඩෙල්ටා ප්‍රභේදය දැන් එක්සත් රාජධානියේ රෝගීන්ගෙන් 91%ක් තුළ දැකගත හැකි බවය.
වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පවසා ඇති පසුබිමක, එක්සත් රාජධානිය සිය එන්නත්කරණය තවදුරටත් වේගවත් කිරීමටද කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.