ෆ්ලොරීඩා සහ බහමාස් වෙත ඇදී එන ඩෝරියන් සුළි කුණාටුව සිව්වැනි මට්ටමේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව එක්සත්ජ නපද සුළි කුණාටු පිළිබඳ මධ්‍යස්ථානය පවසයි.
මෙම සුළි කුණටුවෙන් ඇති කරන සුළං වේගය උපරිම පැයට කිලෝමීටර් 215ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවද සඳහන් වෙයි.
වයයඹදිග බහමාස් කලාපය පසුකරන වෙිට මෙම සුළි කුණාටුව මෙම උපරිම වේගය ලබාගනු ඇති බව විශ්වාස කෙරෙයි.
මේ අතර, බහමාස් හි රැඳී සිටින සංචාරකයන් දිවයිනෙන් පිටත්ව යෑම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවත්, මේ වනවිට ගුවන් තොටුපොළ තදබදයක් පවතින බවත් කියැවෙයි.
එමෙන්ම, ෆ්ලෙරීඩා හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, සතියකට සරිලන ආහාර හා ජලය එක්රැස් කරගෙන ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ජනතාව දැනුවත් කර තිබේ.