ඩෝරියන් සුළි කුණාටුවෙන් විනාශයට පත් බහමාස් හි උතුරුදිග කොටසේ මුදාගැනීම් සඳහා සහන කණ්ඩායම් මේ වනවිට ඇතුළු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
අබාකෝ දූපත් වෙත ඇතුළු වී තිබූ සුළි කුණාටුව විසින් ඇති කර තිබුණු සුළං එදාමෙදා තුර ගොඩබිම වාර්තා වූ ඉහළම සුළං වේගය බවද කියයි.
එමෙන්ම, ග්‍රෑන්ඩ් බහමාස් ප්‍රදේශයද සුළි කණාටුවෙන් ප්‍රබල විනාශයකට ලක්ව ඇති අතර, ඇතැම් ස්ථානවල සිදුව ඇති විනාශය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඩෝරියන් සුළි කුණාටුව මේ වනවිට උතුරු දෙසට ගමන් කරමින් තිබෙන නමුත් එය තවමත් එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ කලාපයට තර්ජනයක් බව සඳහන් වෙයි.
පස් වැනි අදියරේ සුළි කුණාටුවක් දක්වා ප්රබලව බහමාස් වෙත ඇතුළු වූ සුළි කුණටුව මේ වනවිට අදියර දෙකේ සුළි කුණාටුවක් දක්වා මන්ගාමී වී තිබීම යම් අස්වැසිල්ලක් වී තිබේ.
කෙසේ වෙතත්, සුළි කුණටුවෙන් බහමාස් වෙත සිදුව ඇති අලාභානිය මෙතෙක් තක්සේරු කර නොමැති නමුත්, එය බහමාස් උඩුයටිකුරු කළ ස්වභාවික ව්‍යසනයක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.