වසර ගණනාවකට පසුව මවගේ අඩි පාරේ ගමන් කරමින් අතීතරය ආවර්ජනය කළ හැරී කුමරු අසතුටින් බව බ්‍රිතාන්‍ය රජ මැදුරේ තොරතුරු අනාවරණය කරයි.
විශේෂයෙන්ම, පසුගියදා හැරී සහ මේගන් දෙපළ අප්‍රිකාවේ සිදුකළ සංචාරයේදී සිය මවගේ අතීතාවර්ජනයන් මේ ආකාරයෙන් නව යුවළ කනගාටුවට පත්කර ඇති බව සඳහන් වෙයි.
විශේෂයෙන්ම, හැරීගේ අසතුට මේගන්ටත් දැඩිව බලපා ඇති බව වාර්තා වන අතර, මේ අවස්ථාවේදී ඔවුන් දෙදෙනාගේ උදව්වට කිසිවෙකු නොමැති බවද කියැවෙයි.
ඇන්ගෝලාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමක් නිරීක්ෂණයට එකල ඩයනා කුමරිය ගමන් කළ ආකාරයෙන්ම, 35 හැවිරිදි හැරී කුමරු මෙවර ඒ ගමන ගියේය.
එහිදී, සිය මව මෙන්ම ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරසුණු හැරී කුමරු බිම් බෝම්බ ගලවා ඉවත් කළ පෙදෙසේ ඔබමොබ ගමන් කළේ දුක්මුසු මුහුණින් යුතුව බවද විදෙස් වාර්තා පවසයි.