ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීම වෙනුවෙන් ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ගෙනා ජාතික හදිසි තත්ත්ව ප්රකාශය එරට කොංග්රසය විසින් නිෂ්ප්රභ කිරීමත් සමග ජනපතිවරයා ප්රථම වරට සිය ධුරයේ නිෂේධ බලය පාවිච්චි කර තිබේ.
මෙය නිෂ්ප්රභ කිරිමේ යෝජනාවට පසුගිය බ්රහස්පතිනිදා ජනපතිවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ 12 දෙනෙකුද ඇතුළුව කොංග්රස් සභිකයන් විසින් සම්මත කරගනු ලැබිණි.
ඒ අනුව, මීට එරෙහිව ජනපතිවරයා සිය නිෂේධ බලය පාවිච්චි කිරීම හේතුවෙන් මෙය යළිත් කොංග්රසය තුළ පරාජයට පත්කිරීමට නම් ඔවුන්ට තුනෙන් දෙකක බලයක් පෙන්වීමට සිදුවනු ඇති අතර, එය සිදු නොවිය හැක්කක් බව දේශපාලන විචාරකයෝ පවසති.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සිය ධුරයේදී මේ ආකාරයෙන් නිෂේධ බලය පාවිච්චි කළ ප්රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.
"රටේ ජනාධිපතිවරයා ලෙස, රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම මගේ උසස්ම රාජකාරියයි" යනුවෙන් මීට අත්සන් තබමින් ඩොනල්ඩ් ට්රම්ප් කියා සිටියේය.